මාරයි කිව්වට මේක මාර භාණ්ඩෙ.අපේ මල්ලි කෙනෙක්ට japan වලින් laptop එකක් හම්බවෙලා.මිනිහා ඉතින් මට කතාකරා ඒකට software දාන්න.මාත් ලොක්කා වගේ ගිහින් software ටික දාලා ආවා.පහුවදා මිනිහා කියාපි මම දාපු software එකක්වත් ඒකේ නෑ කියලා. මාත් දඩිබිඩි ගාලා ගිහිල්ලා බැලුවා. බලනකොට scene එක ඇත්ත.
full try එකක් දුන්නා එත් අවුල තාම එහෙමමයි.. හතාගන්න බෑ case එක මොකක්ද කියලා. මං guess කලේ avg එකේ අවුලක් කියලා..කරුමේ කියන්නේ avg ඒක uninstall කරන්න බැ..uninstall කරා කියමුකො, පස්සේ ආයිත් restart කලාම ඒක ආයිත් තියනවා.
පස්සේ avg එක අතෑරලා control panel ගිහින් නොදන්න programs මෙනවද දාලා තියෙන්නේ කියලා බැලුවා. මලා.... නොදන්න ඒවා ගොඩයි. ඊට පස්සේ එකින් එක google වල search කලා..hurray.....අන්තිමට මං ගොඩගියා..Deep freeze කියන software එකෙන් තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ.
Deep freeze active කරලා තියන වෙලාවට computer එකට මොනවත් දැම්මට computer එක ඊලඟ පාර on වෙනකොට දාපුවා නැතිවෙලා.ඒ වගේම තමයි මොනවත් remove කරන්නත් බෑ.ඒ කියන්නේ මොනම වෙනස් කමක්වත් කරන්න බැ..අඩුම තරමේ administrator විදියටවත් බැ....
මේක තමන්ගේ computer එක අනිත් අයගෙන් ආරක්ෂා කරගන්නත්, internet use කරන කොට නොදන්න program හෙරෙන් computer එකට රිංගන එකටත් හොඳ විසදුමක් වේවි.
ඉතින් මම මේ software එක ගැන මගේ blog එකට ලියන්න හිතුවා. මේක නියම security software එකක් හැබැයි antivirus software එකක් නම් නෙවෙයි.
software එක මේ link එකෙන් download කරගන්න පුලුවන්.මේ link එකෙන් ගියාම තියන form එක පුරවන්න. එතකොට confirmation mail එකක් ඔයාගේ mail එකට ඒවි. එකෙන් ගිහින් download කරන්න පුලුවන්. එතකොට user guide එකකුත් ඔයාලට ලැබෙයි.
ඔයාලා මේ post එක බලලා මට comment එකක් දාලා යන්න එතකොට මම ඊලඟ post එකෙන් මේ software එක use කරලා ඔයාලගේ pc එක ආරක්ෂා කරගන්න හැටි කියාලා දෙන්නම්.